ජනාධිපති අනුර කුමාර දිසානායක හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිිිකා ආචාර්ය ගීතා ගෝපිනාත් අතර හමුවක් අද (16) පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ජනතාව කේන්ද්‍ර කර ගත් ආර්ථික න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙන යාමට කැපවන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකය යළි යථා තත්ත්වයට ගෙන ඒමටත් රජයේ වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අඛණ්ඩ සහාය ලබාදෙන බව ආචාර්ය ගීතා ගෝපිනාත් ඇතුළු නියෝජිත පිරිස එහිදී සහතික වූ බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)