ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළව විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.
අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ එම කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න පත් කර ඇති බවයි.
මැයි මස මුල් කාලය තුළ මහජන අදහස් හා සිවිල් සංවිධානවල අදහස් ගැනීම සඳහා පියවර ගන්නා ලෙසත්, අන්තර්ජාතික ආයතන සහ ප්‍රජාවන්ගේ අදහස් ලබා ගැනීම ට කටයුතු කරන ලෙසත් එම කමිටුවට උපදෙස් ලබාදී තිබෙනවා,.