colombotimes.lk
සිංහල | English

17 September 2024


මැතිවරණ කොමිසමෙන් ඡන්ද හිමියන්ට විශේෂ දැනුම්දීමක්



2024 ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇති බවට සංසරණය වන පුවත අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ඡන්දහිමියන්ට ඉදිරියේදී තැපෑලෙන් ලැබීමට නියමිත නිල ඡන්ද දැන්වීම්පතෙහි සඳහන් ඡන්ද මධ්‍යස්ථානයට පරිබාහිර ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අවකාශය නොමැති බව එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.



(colombotimes.lk)