ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඒ අනුව අද (04) සවස 06.00 සිට රාත්‍රී 10.00 දක්වා කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයකදී වසා තැබීමට කටයුතු කරන බවයි.
එමෙන්ම මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන පුද්ගලයන්ට මෙම මාර්ග වසා තැබීම පිළිබඳ අවධානය යොමු කරමින් තමන්ගේ ගමන් සැලසුම් කරගන්නා ලෙසට දැනුම්දී තිබෙනවා.
එමෙන්ම හෙට (05) දින ගාලු මුවදොර, නිදහස් චතුරස්‍රය සහ බත්තරමුල්ල අපේගම පරිශ්‍රය යන ප්‍රදේශයන්හී මාර්ග අවස්ථා කිහිපයකදී වසා තැබීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම කාල සීමාව තුළදී රථ වාහන තදබදය හා රියදුරන්ට සිදුවන අපහසුතාවය අවම කර ගැනීම සඳහා රියදුරන් විකල්ප මාර්ග වෙත යොමු කිරීමට රථවාහන නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ 06වනදා පෙ.ව 7.30ත් 10.30ත් අතර කාලයේ අනුරාධපුර නගරය, ජය ශ්‍රී මහ බෝධිය සහ දුම්රියපළ ආශ්‍රිතව ප්‍රධාන මාර්ග වරින් වර වසා තැබීමට කටයුතු කර තිබෙන බවයි.
එදින පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ට අපහසුතාවයකින් තොරව තම කටයුතු සිදු කර ගැනීම සඳහා විකල්ප මාර්ග වෙත යොමු කිරීම අවස්ථානුකූලව රථවාහන හසුරවන නිලධාරීන් විසින් හසුරුවනු ලබනවා.
පොලීසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරන මෙම විශේෂ රථ වාහන සැලැස්ම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසයි.
(colombotimes.lk)