colombotimes.lk
සිංහල | English

04 May 2024

ශ්‍රීලනිප අර්බුදය ගැන සාකච්ඡාවට තවත් රැස්වීමක්



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රැස්වීමක් අද (25) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ඒ, කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා පැවසුවේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරුන්ට මේ සදහා ආරාධනා කර ඇති බවයි.

ඒ අනුව මෙහිදී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කරන බවත් ඔහු ප්‍රකාශ කළා.
(colombotimes.lk)