19 April 2025


මියන්මාරයට ලංකාවෙන් ඩොලර් මිලියනයක්



පසුගියදා සිදු වූ භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍යමය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබෙනවා.

ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි Marlar Than Htaik වෙත අද (10) පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද විපතට පත් මියන්මාර් ජනතාව වෙනුවෙන් මූල්‍යමය ආධාර ලබාදීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයට සිය කෘතඥතාව පිරිනමන බව එහිදී ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිවරිය සඳහන් කළා.

 
(colombotimes.lk)