2025 වසරේ මුල් මාස 03 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියනය සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එම කාලය තුළ මිලියන 1,122.3ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයක් වාර්තා කර ඇති බවයි.
පසුගිය මාර්තු මාසයේදී ඩොලර් මිලියන 354ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.
මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ 2024 මුල් මාස 03හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,025.9 හා සැසඳීමේදී මෙය 9.4%ක වර්ධනයක් බවයි.
(colombotimes.lk)