colombotimes.lk
සිංහල | English

04 May 2024

ජපානයේ ක්‍රිකට් ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව අත දෙයි



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා එකඟත්වය පළ කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපාන ක්‍රිකට් සංගමය එකඟතා ගිවිසුමකට අත්සන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

එම එකඟතාවයට අනුව මෙරට ක්‍රීඩකයින්, ක්‍රිකට් කණ්ඩායම්, පුහුණුකරුවන් සහ ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩල සාමාජිකයින් ජපානයට යැවීමට නියමිතයි.

එමෙන්ම එරට ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙරටට පැමිණ වැඩිදුර පුහුණුවීමේ අවස්ථාවත් හිමි වනවා.

(colombotimes.lk)