19 September 2025

logo

මෙරට තුන්වන නැනෝ චන්ද්‍රිකාව අද කක්ෂගත කරයි



ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ 03වන නැනෝ චන්ද්‍රිකාව අද (19) කක්ෂගතවීමට නියමිතව තිබෙනවා. 

මෙය නම් කර ඇත්තේ BIRDS-X DRAGONFLY නමින්.

මෙම නැනෝ චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24වනදා නාසා ආයතනය විසින් දියත් කළ SPX33 රොකට් මෙහෙයුම මඟින් ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය වෙත රැගෙන ගොස් ඇති අතර එය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.15ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂය වෙත මුදාහැරීමට නියමිතයි. 

2019 වසරේදී ශ්‍රී ලංකාවේ පළමු නැනෝ චන්ද්‍රිකාව ලෙස රාවණ-1 චන්ද්‍රිකාවත් පසු 2022 වසරේදී ජාත්‍යන්තර පාර්ශවයන් 05ක සහභාගීත්වයෙන් යුතු තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් තුළින් නිර්මාණය කළ KITSUNE චන්ද්‍රිකාවත් අභ්‍යවකාශගත කිරීමෙන් අනතුරුව මෙරට තුන්වන නැනෝ චන්ද්‍රිකාව ලෙස අභ්‍යවකාශ ගතවන BIRDS-X Dragonfly පර්යේෂණ නැනෝ චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන ගමන් මගෙහි තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කර තිබෙනවා. 

(colombotimes.lk)