01. ත්‍රිකුණාමලයට එපිට මුහුදේ භූ කම්පනයක්
ත්‍රිකුණාමලය එපිට මුහුදේ අද (18) භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ එම භූ කම්පනය මැග්නිටියුඩ් ඒකක 3.9කින් සිදු වූ බවයි.
02. නාවික හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂ රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් නාවික හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් මොහොට්ටි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ එළඹෙන 24වනදා දක්වායි.
03. ඉන්දීය සහ පාකිස්ථාන ඔලිම්පික් ශූරයන්ටත් රුමේෂ් අභියෝග කරයි
ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග එහි 7වන ස්ථානය දිනාගැනීමට සමත් වී තිබෙනවා.
මෙහිදී රුමේෂ් මීටර 84.38ක දක්ෂාවක් දැක්වීමට සමත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඔලිම්පික් ශූරයන් දෙපළක් වූ ඉන්දියාවේ නීරාජ් චොප්රා හා පාකිස්ථානයේ අර්ශාද් නදීම් අබිබවායාමට රුමේෂ් තරංග සමත්වී තිබීම විශේෂත්වයක්.
04. අතුල කුමාර රාහුබද්ධ රිමාන්ඩ්
සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ ඔක්තෝම්බර් 02වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (18) නියෝග කර තිබෙනවා.
ඒ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
රුපියල් කෝටි 07ක මුදලක් රජයට පාඩු වන අයුරින් වංචනිකව පරිහරණය කිරීමේ චෝදනාව මත ඔහුව ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
05. තුසිත හල්ලොලුවට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තුසිත හල්ලොලුවව ඇප මත මුදාහැරීමට අද (18) නියෝග කර තිබෙනවා.
ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන තුසිත හල්ලොලුව තමා ගමන්ගත් වාහනයට පසුගියදා නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.
06. මෙරට තුන්වන නැනෝ චන්ද්‍රිකාව හෙට කක්ෂගත වෙයි
ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ 03වන නැනෝ චන්ද්‍රිකාව හෙට (19) කක්ෂගතවීමට නියමිතව තිබෙනවා.
මෙය BIRDS-X DRAGONFLY නමින් නම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම නැනෝ චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24වනදා නාසා ආයතනය විසින් දියත් කළ SPX33 රොකට් මෙහෙයුම මඟින් ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය වෙත රැගෙන ගොස් ඇති අතර එය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.15ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටකක්ෂය වෙත මුදාහැරීමට නියමිතයි.
2019 වසරේදී ශ්‍රී ලංකාවේ පළමු නැනෝ චන්ද්‍රිකාව ලෙස රාවණ-1 චන්ද්‍රිකාවත් පසු 2022 වසරේදී ජාත්‍යන්තර පාර්ශවයන් 05ක සහභාගීත්වයෙන් යුතු තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් තුළින් නිර්මාණය කරන ලද KITSUNE චන්ද්‍රිකාවත් අභ්‍යවකාශගත කිරීමෙන් අනතුරුව මෙරට තුන්වන නැනෝ චන්ද්‍රිකාව ලෙස අභ්‍යවකාශ ගතවන BIRDS-X Dragonfly පර්යේෂණ නැනෝ චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන ගමන් මගෙහි තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කර තිබෙනවා.
07. ඉන්දීය සහ පාකිස්ථාන ඔලිම්පික් ශූරයන්ටත් රුමේෂ් අභියෝග කරයි
ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග එහි 7වන ස්ථානය දිනාගැනීමට සමත් වී තිබෙනවා.
ඒ මීටර 84.38ක දක්ෂතාවයක් දක්වමින්.
ඔලිම්පික් ශූරයන් දෙපළක් වූ ඉන්දියාවේ නීරාජ් චොප්රා හා පාකිස්ථානයේ අර්ශාද් නදීම් අබිබවායාමට රුමේෂ් තරංග සමත්වී තිබෙනවා.
(colombotimes.lk)