20 April 2025


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිත්ත සුපිරි හරඹයක



ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවති කාන්තා ක්‍රිකට් තරගයෙන් ලකුණු 58ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා. 

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 186ක් රැස් කළ අතර බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට කඩුලු 9ක් දැවී රැස් කරගත හැකි වුණේ ලකුණු 128ක් පමණයි. 
 
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.
(colombotimes.lk)