භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසක් ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසටෝ කන්ද හමුවී තිබෙනවා.
ඒ ආසියානු සංවර්ධන බැංකුවේ 58 වන වාර්ෂික රැස්වීමට සමගාමීවයි.
මෙම හමුව ඉතාලියේදී සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
ගැඹුරු ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ලබා දුන් ස්ථිර සහයෝගයට නියෝජිත පිරිස ස්තූති කළ බව මහින්ද සිරිවර්ධන 'X' සටහනක් තබමින් සඳහන් කළා.