colombotimes.lk
සිංහල | English

17 September 2024


පැතුම්ගේ සුපිරි ශතකය හමුවේ දශකයකට පසු සිංහයන්ට විශිෂ්ට ජයක්



සත්කාරක එංගලන්තයට එරෙහිව පැවති 3වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 325ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා රැස් කළේ ලකුණු 263ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 62ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කරගැනීමට හැකි වුණේ ලකුණු 156ක් පමණයි.

ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 219ක්.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කළා.

එහිදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවන ශතකය වාර්තා කළ පැතුම් නිස්සංක ලකුණු 127ක් රැස් කරගත්තා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමට එරෙහිව වසර 10කට පසු ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර අවසන් වරට එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කර තිබුණේ 2014 වසරේදීයි.

කෙසේ වෙතත් දෙරට අතර පැවති තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2 - 0ක් ලෙස එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළා.

(colombotimes.lk)