30 April 2025


කොටස් වෙළෙඳපොළ පහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (29) ඒකක 67.40කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,799.94ක් ලෙසයි.

එය 0.42%ක පහළ යාමක් බවයි වාර්තා වන්නේ.

මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 2.3ක් ලෙස සටහන් වී තිබෙනවා.
 
 (colombotimes.lk)