colombotimes.lk
සිංහල | English

01 May 2024

Titan සමඟ අතුරුදහන් වූ නියමුවා ගැන ඔබ නොදත් කතාව



Stockton Rush එහෙමත් නැත්තන් Titan Submersible යානයේ නියමුවා කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්. 

එයට හේතුව තමයි ඔහු ස්වභාවධර්මයට ආදරය කරන්නෙකු මෙන්ම දූරදර්ශී දැක්මක් ඇති ත්‍රාසජනක දේවල් ප්‍රිය කරන කෙනෙක් වීම. 
 
ඒ වගේම Titan අයත් OceanGate ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂවරයා වන්නේ මොහුයි. 
 
එමෙන්ම ඔහුව නූතන Jacques Cousteau ලෙස හැඳින්වීමද විශේෂත්වයක්. 
 
Stockton Rush 61 වෙනි වියේ පසුවන 1962 වසරේ උපත ලැබූ අයෙක්. 
 
Titan Stockton Rush interview
 
ඔහුට තිබුණ ලොකුම සිහිනයක් තමයි සාගර ගවේෂණය කියන්නේ. 
 
මේ සිහිනය සැබෑ කර ගැනීමට ඔහු පියවරෙන් පියවර ඉදිරියට පැමිණ තිබීම බොහෝ දෙනෙක් ඔහුව ආදර්ශයට ගැනීමට පවා හේතු වූ කාරණාවක් වුණා. 
 
මේ සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා. 
 
ඒ තමයි 'ඔබට ආරක්ෂිතව සිටීමට අවශ්‍ය නම්, කිසිවක් නොකර සිටින්න' යන්න. 
 
මීට අමතරව තවත් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ, ඔහු තම වෘත්තීය ජීවිතය තුළ 'සමහර සමාජ ගතවූ මත කඩ කළ' බවයි. 
 
Who is Stockton Rush, founder of OceanGate Expeditions on board missing  Titanic submersible? - Opoyi
 
'මගේ තර්ක ඉන්ජිනේරු විද්‍යාව පවා බිඳ දැමීමට සමත් වුණා.' යනුවෙන් වරක ඔහු පවසා තිබෙනවා. 
 
ඔහු 1984දී වසරේ B.S.E. Mechanical and Aerospace Engineering (MAE) උපාධිය ලබා ගැනීමට සමත් වුණා. 
 
උපාධිය නිම කිරීම සඳහා ඔහු රොබෝ අතක් නිර්මාණය කර තිබීම කැපී පෙනෙන කරුණක්. 
 
ඉන් අනතුරුව ඔහු අධිවේගී Ultralight Aircraft යානයක් නිර්මාණය කර තිබෙනවා. 
 
ඔහු Princeton නගරයේ ජීවත් වූ ශක්තිමත් බැඳීමක් ඇති පවුල් පරිසරයක හැදී වැදුණු කෙනෙක්. 
 
Nassau Herald, 1984 - Finding Aids.png
 
ඔහුගේ පියා Richard Stockton Rush සහ සීයා Richard S. Rush ලෙස තමයි හැඳින්වෙන්නේ. 
 
ඔවුන් එම ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රභූ පවුලකින් පැවත එන්නන් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 
 
ඒ වගේම ඔහුගේ බිරිඳ Wendy Rush ගැන මෙහිදී සිහිපත් කළ යුතුයි. 
 
Wendy Rush (Stockton Rush
 
එයට හේතුව ඇය මීට පෙර මුහුදුබත් වූ Titanic නැව සමඟ සෘජුවම සම්බන්ධ කෙනෙක් වීම. 
 
එනම් ඇයගේ පවුලේ ඥාතීන් දෙදෙනෙක් Titanic නෞකාව සමඟ මුහුදුබත් වූ පිරිසට අයත් වනවා.
 
(Vimarshana Samarakoon @ COLOMBO TIMES) 
 
Wife of Titan pilot and OceanGate CEO is descendant of Titanic victims