26 December 2024


විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන උපයෝගිතා කොමිසමෙන් දැඩි තීරණයක්



විදුලි ගාස්තු සංශෝධනයට යෝජනා ලබාදීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට 2024 දෙසැම්බර් 06 වනදා තෙක් කාලය ලබාදීමට මහජන උපයෝගිතා කොමිසම එකඟවී තිබෙනවා.

එම කොමිසම සඳහන් කළේ විදුලි ගාස්තු සංශෝධනය නිසි ලෙස සිදු නොවුනහොත් ලංකා විදුලි බල මණ්ඩලයේ ලාභයෙන් පාරිභෝගිකයන්ට කඩිනම් සහන සැලසීමටද පියවර ගන්නා බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව එම එකඟතාවය ලබාදීමට තීරණය කළ බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

(colombotimes.lk)