colombotimes.lk
සිංහල | English

05 May 2024

ශ්‍රී ලංකා කාන්තාවන්ට සුපිරි ජයක්



T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ඒ, තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 67කින් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 122ක් රැස් කර ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තායිලන්ත කණ්ඩායම පන්දුවාර 16 පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 55ක් පමණයි.

(colombotimes.lk)