04 March 2025


අයිස් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 680ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (03) රාගම පොලිස් වසමේ රාගම ගුවන් පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.   

(colombotimes.lk)