බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) ලබාගැනීම තවත් පහසු කිරීමට රජය සූදානම් වනවා.
ඒ අනුව එය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබා ගැනීමට ඉදිරියේදී ජනතාවට අවස්ථාව සලසා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
මාසයක ආදායම රුපියල් ලක්ෂයකට වැඩි අයට පමණක් එහිදී බද්දක් ගෙවීමට සිදුවන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
වයස අවුරුදු 18ට වැඩි සියල්ලන්ම ජනවාරි මස පළමුවැනිදා සිට බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා.
කෙසේ වෙතත් පක්ෂ නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පවසන්නේ, බදු ගෙවීම් පැහැර හරින මහා පරිමාණ ව්‍යාපාරිකයින් සුරකමින් අසාධාරණ ලෙස රජය බදු අය කරගන්නා බවයි.
(colombotimes.lk)