අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ සහ ව්‍යාපාරිකයා එළඹෙන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ ඔවුන්ව අද (28) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රුපියල් මිලියන 09ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රීවරයා සහ ඊට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (27) අත්අඩංගුවට ගනු ලැබුවා.
(colombotimes.lk)