07 February 2025


මන්නාරම වරාය ඉදි කිරීමට ටෙන්ඩර් කැඳවයි



මන්නාරම වරාය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සඳහන් කළේ ඒ යටතේ මන්නාරම වරායේ ජැටිය ඉදිකිරීම මේ යටතේ සිදු කරන බවයි.

මීට සමගාමීව මන්නාරම හා රාමේෂ්වරන් අතර මගී යාත්‍රා ‍සේවයද කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලාංකීය සමාගමක් ඒ සඳහා ඉදිරිපත්වී ඇති බවයි.

(colombotimes.lk)