08 May 2025


දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක්



දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිවිසුම ආසන්නයේදී බිහිසුණු රිය අනතුරක් සිදු වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ රිය අනතුරකින් පුද්ගලයන් 12 දෙනෙක් තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි.

මාතර, අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් මාර්ගය අසල නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

අනතුරට පත් පිරිස කටුනායක ගුවන්තොටුපොළට ගොස් නැවත පැමිණෙමින් සිටි මාතර මුලටියන ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)