පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම අද (19) ආරම්භ කර තිබෙනවා.
තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කළේ ලබන 27වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.
එමෙන්ම ලබන 29වනදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා අවසන් කිරීමට අපේක්ෂා කරන බව තැපැල්පතිවරයා සඳහන් කළා.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ සියලු තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 21වනදා වන විට බෙදා අවසන් කරන බවයි.
මින් අනතුරුව කිසියම් අධිකරණයකින් ඒ සම්බන්ධ නඩු තීන්දුවක් ලැබුණහොත් එම පළාත් පාලන ආයතනයේ තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බව එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට පළාත් පාලන ආයතන 227ක තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා අවසන් කර ඇති බවයි.
ඉතිරි පළාත් පාලන ආයතන 112 සදහා තැපැල් ඡන්ද පත්‍රිකා අනිද්දා දිනයේදී නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති සඳහන් කළා.
(colombotimes.lk)