අද (07) දිනයේ මුදල් කාරක සභාවේ සාමාජිකයින් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එය අද පෙරවරු 11.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි.
එහිදී මුදල් කාරක සභාවට ස්ථිර සභාපතිවරයෙකු පත් නොකිරීමෙන් ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.
මුදල් කාරක සභාවේ ස්ථිර සභාපතිවරයා ලෙස විපක්ෂය ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයාගේ නම යෝජනා කර තිබුණ ද මාස 06 කට ආසන්න කාලයක් එම පත් කිරීම සිදු නොවුන බවයි වාර්තා වන්නේ.
ඒ වෙනුවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් විසින් තාවකාලික සභාපතිවරුන් පත් කරමින් පසුගිය කාලය පුරා විවිධ අණපනත් සඳහා මුදල් කාරක සභාවේ අනුමැතිය ලබා ගැනීම සිදු කර තිබුණා.
(colombotimes.lk)