17 October 2025

logo

මෙරට ණය ගැන සාකච්ඡාවකට ජනපති රට යයි



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 16 වැනිදා බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. 

එම සංචාරයේ දී මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවයි වාර්තා වන්නේ. 
 
මේ අතර ප්‍රංශ සංචාරය අතරතුර පැරිස් සමාජය සමඟ හමුවක් ද පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. 
 
මෙරට ණය අර්බුදය නිරාකරණයට සහ ආර්ථික ස්ථායීතාවයට සහය ලබාදෙන බව පැරිස් සමාජය මීට පෙර සඳහන් කර තිබුණා.
(colombotimes.lk)