පසුගිය දින කිහිපය තුළ නුවරඑළිය වසන්ත උදානයට පැමිණි ඇතැම් දේශීය සංචාරකයන් පරිසරය විනාශ කර ඇති බව නුවරඑළිය ප්‍රදේශවාසීන් පවසනවා.
නුවරඑළිය සංචාරක හෝටල් සංගමයේ නිලධාරීන් සඳහන් කළේ සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවත් සමඟ නුවරඑළිය වසන්ත උදානය නැරඹීමට දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ තිබෙන බවයි.
එසේ පැමිණි සංචාරකයන් නුවරඑළිය ග්‍රෙගරි වැව පරිශ්‍රය ඇතුළු සංචාරකයන් නිතර ගැවසෙන ස්ථානවල ඔවුන් රැගෙන් ආ ප්ලාස්ටික්, පොලිතීන්, ආහාර මලු, වතුර බෝතල් ඇතුළු අපද්‍රව්‍ය රැසක් පරිසරයට මුදා හැර ඇති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)