30 June 2025

logo

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකට අදාළ නඩුව කල්යයි



කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතා පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15දෙනාට අදාළ නඩුව දෙසැම්බර් මස 08 වන දින යළිත් කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කර තිබෙනවා.
 
ඒ මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.  

මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව කුරුදුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා. 

ඒ අනුව පැමිණිල්ල දෙසැම්බර් මස 08වනදා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසත් පොලීසියට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.
 
(colombotimes.lk)