colombotimes.lk
සිංහල | English

19 May 2024

මහින්ද, ලසන්ත, දුමින්ද ගැන අධිකරණය දුන් තීන්දුව



අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණය මේ මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කළා.

මෙම පැමිණිල්ල අද (08)  කැඳවූ අවස්ථාවේ ඊට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස වග උත්තරකාර පාර්ශවය ඉල්ලා තිබෙනවා.
 
ඒ අනුව අදාළ විරෝධතා තිබේ නම් ඒවා ගොනුකරන ලෙස නියෝග කළ අධිකරණ නඩුව නැවත ලබන 15 වනදා කැඳවන ලෙසත් නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)