පාර්ලිමේන්තුව අද (18) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද තෙවන දිනටත් පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම අද දිනයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ හා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය දෙසැම්බර් මස 05වනදා දක්වා පැවැත්වෙන අතර, එදින පස්වරු 6.00ට අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
(colombotimes.lk)
