06 July 2025

logo

යුක්රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්



යුක්රේනය විසින් රුසියාවේ මොස්කව් නගරය ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් සඳහන් කළේ ප්‍රහාරයෙන් මේ දක්වා කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බවයි.

ප්‍රහාර හේතුවෙන් නගරයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අගනුවර ප්‍රධාන ගුවන් තොටුපළවල් සියල්ල තාවකාලිකව වසා දැමීමට රුසියාවේ ගුවන් සේවා නිරීක්ෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා.

රුසියාව සඳහන් කළේ අඛණ්ඩව දෙවන රාත්‍රියේදීත් යුක්රේනය රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි.

(colombotimes.lk)