06 May 2025


පෙරවරු 09 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න



පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමේ කටයුතු මේ වන විට දිවයින පුරා සිදුවෙමින් පවතිනවා.

ඒ අනුව මේ වන විට යාපනය 06%ක් ද මන්නාරම 15%ක් ද ඡන්දය භාවිතා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වවුනියාව 30%ක් ද දිගාමඩුල්ල 12.5%ක්ද ඡන්දය භාවිතා කර තිබෙන බවට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සඳහන් කළා.  

තවත් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලයන් පහතින්,   

නුවරඑළිය - 20%
යාපනය - 6%
වව්නියාව - 31.5%
මන්නාරම - 12%
අම්පාර - 12.5%
අනුරාධපුර - 10% -15%
මොනරාගල -15%
බදුල්ල - 20%
කෑගල්ල - 11%

(colombotimes.lk)