පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති පුද්ගලයන්ට ඡන්දපොළේදී අද (06) ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව යම්කිසි පුද්ගලයෙක්ට මෙතෙක් ලැබී නොමැති නම් අද දිනයේද තමන්ට අදාල උප තැපැල් කාර්යාල ඒ සඳහා විවෘත කර ඇති බවයි.
ඒ අනුව උප තැපැල් කාර්යාල වෙත ගොස් තමන්ට හිමි නිල ඡන්ද පත්‍රිකාව ලබා ගත හැකි බවද ඔහු ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ නිල ඡන්ද පත්‍රිකාව ලබා ගත නොහැකි පුද්ගලයෙක්ට කිසිදු බාධාවකින් තොරව ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළ හැකි බවයි.
(colombotimes.lk)