18 April 2025


ජනපති කැඳවූ පක්ෂ නායක රැස්වීම අවසන්



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදු හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක කැඳවූ පක්ෂ නායක හමුව අවසන් වී තිබෙනවා.

එම සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

තීරු බදු සම්බන්ධයෙන් රජය මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පක්ෂ නායකයන් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.



(lknews.lk)