27 June 2025

logo

රුහුණු මහා කතරගම දේවාලයේ දෙවන පෙරහැර අදයි



ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන පෙරහැර අද (27) රාත්‍රී 7.30ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. 
 
ඒ අනුව පෙරහර මංගල්‍ය ලබන මස 10වනදා දක්වා පැවැත්වෙන අතර දිය කැපීමේ මංගල්‍ය ඊට පසුදින සිදු කිරීමට නියමිතයි. 
 
බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථ වාහන පාලන කටයුතු සදහා පොලිස් නිලධාරීන් 1050ක පිරිසක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළා. 
 
මීට අමතරව පානම සිය යාල රක්ෂිතය හරහා පෙරහර මංගල්‍යයට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සහ සුභ සාධන කටයුතු සදහා ත්‍රිවිධ හමුදාවේ සහය ද ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)