27 June 2025

logo

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්



කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ට සහ අනෙකුත් විදේශීය සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.‍

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ තම දරුවාට එක්සත් ජනපද පුරවැසිභාවය ලබාගැනීම සඳහා දරු ප්‍රසූතියක් සිදු කිරීමේ අරමුණින්, සංචාරක වීසා මත එක්සත් ජනපදයට යන අය සඳහා අනාගතයේදී වීසා ප්‍රතික්ෂේපවීමේ අවදානමක් ඇති බවයි.

එවැනි සංචාරකයන් බොහෝවිට එක්සත් ජනපද රජයෙන් අරමුදල් සපයන වෛද්‍ය ආධාර මත විශ්වාසය තබන බවත් එමඟින් ඇමරිකානු බදු ගෙවන්නන් මත මූල්‍යමය බර පැටවෙන බවත් නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු ත‍ානාපති කාර්යාලය සඳහන් කළා. 

එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ පුරවැසි ප්‍රතිලාභ සඳහා දරු ප්‍රසූතිය සිදුකිරීම අයැදුම්කරුවෙක්ගේ ප්‍රධාන අරමුණ බව ඔවුන් විශ්වාස කරන්නේ නම් සංචාරක වීසා ප්‍රතික්ෂේප කරන ලෙසට ඇමරිකානු කොන්සියුලර් නිලධාරීන් හට උපදෙස් ලබාදී ඇති බවයි.

(colombotimes.lk)