27 June 2025

logo

චීනය හා ශ්‍රී ලංකාව අතර නව භාණ්ඩ ප්‍රවාහන සේවයක් අරඹයි



චීනයේ කුංමිං සහ කටුනායක ගුවන්තොටුපොළ අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් ආරම්භ කර තිබෙනවා.

එහි ප්‍රථම ගුවන් යානය ඊයේ (26) කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. 

එම මංගල ගුවන් ගමන සඳහා SF ගුවන් සේවය විසින් බෝයිං-747-200 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබෙනවා.

එමෙන්ම එම ගුවන්යානය චීනයේ කුංමිං නගරයේ සිට මෙට්‍රික් ටොන් 22ක භාණ්ඩ තොගයක් ද රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
 
සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකම චීනයේ කුංමිං සහ කටුනායක ගුවන්තොටුපොළ අතර එම ගුවන්ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක වීමට නියමිතයි. 

(colombotimes.lk)