ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 03ක් සඳහා ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට සිදු වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඊශ්‍රායල් රජයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයන් ලියාපදිංචිය අද (27) සිට ජුලි මස 01වනදා දක්වා ආරම්භ කිරීමට මීට පෙර තීරණය කර තිබුණා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ නොවැළැක්විය හැකි හේතුවක් මත එය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.
(colombotimes.lk)