colombotimes.lk
සිංහල | English

19 April 2024

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට සහභාගී වූ කණ්ඩායම දිවයිනට



දකුණු කොරියාවේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08) රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා. 

ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩා උළලේදී රන් පදක්කම් 2ක්, රිදී පදක්කමක්, ලෝකඩ පදක්කම් 02ක් ද සමගින් සමස්ත පදක්කම් 5 ක් දිනා ගත්තා. 
 
ඒ අනුව ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 7 වන ස්ථානයට පැමිණියා. 
 
එහිදී කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම සහ කාන්තා මීටර් 400 ඉසව්වේ රිදී පදක්කම හිමි කර ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වුණා. 
 
මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම හිමි කරගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර මලිත් යසිරු විසින් එම තරගාවලියේ පිරිමි තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.
(colombotimes.lk)