colombotimes.lk
සිංහල | English

20 May 2024

පඩි වැඩි කරන්න සල්ලි නැහැ - ජනපති



වැටුප් වැඩි කිරීම සඳහා විවිධ ඉල්ලීම් ලැබුණද ඒ පිළිබඳව 2024 දී කටයුතු කිරීමට තරම් රාජ්‍ය ආදායම වර්ධනය වී නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ, අද (09) උදෑසන මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.

2024 ආර්ථිකය වර්ධනය වන ස්වරූපය මෙන්ම රාජ්‍ය ආදායම් වැඩි වන ආකාරය පදනම් කරගෙන රාජ්‍ය අංශයේ වැටුප් පිළිබඳව යළි සලකා බැලීමක් සිදු කළ හැක්කේ ලබන වසරේදී බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)