16 January 2025


ජනපති චීන නිල සංචාරයේ තෙවන දිනය අරඹයි



චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සිය තෙවැනි දිනය ආරම්භ කරමින් අද (16) පෙරවරුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන සැසියකට සහභාගිවීමට නියමිතව තිබෙනවා.

රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කරන මෙම 'ආයෝජන සැසිය' ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම විශේෂත්වයක්.

ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක චීන ජනතාවගේ වීරයන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමටද නියමිතව තිබෙනවා.

එමෙන්ම අද (16) පස්වරුවේ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං හා චීන ජාතික කොංග්‍රසයේ සභාපති චාඕ ලජී යන පුද්ගලයන් හමුවී සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා  අමාත්‍ය බිමල් රත්නායක යන පුද්ගලයන්ද මෙම අවස්ථාවන්වලට සහභාගීවීමට නියමිතයි.

(colombotimes.lk)