09 May 2025


WhatsApp පරිශීලකයින් සඳහා නව විශේෂාංග තුනක්



Meta ආයතනය සතුව පවතින WhatsApp විසින් පරිශීලකයින්ට නව විශේෂාංග තුනක් හඳුන්වා දී තිබෙනවා.

WaBetaInfo ට අනුව, මෙම නව විශේෂාංග තුන වන්නේ Polls, Forward media with caption සහ Documents with captions.

මේ වන විට ගෝලීය වශයෙන් මෙම පහසුකම ලබා දීමට Meta ආයතනය කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම මෙහි නවතම අනුවාදයක් ස්ථාපිත කළද, මෙම විශේෂාංග සෑම කෙනෙකුටම ලබා ගැනීමට යම් කාලයක් ගත විය හැකි බව සඳහන්.

Polls - තනි-ඡන්ද ගණනය කළ හැකි විකල්පයක්. මේ හරහා යම් කරුණු වලට අදාළව නිශ්චිත පිළිතුරක් ලබා ගැනීමේ හැකියාව ලැබෙන බවද සඳහන්.

Forward media with caption - මෙම නව විශේෂාංගය හරහා සිරස්තලයක් සමඟ තොරතුරු WhatsApp සඳහා නිකුත් කළ හැකියි. මෙයට ඡායාරූප, වීඩියෝ සහ GIF ඇතුළත් වේ.

Documents with captions - පරිශීලකයින්ට තමන් වෙත ලැබුණු ලේඛනයක් සොයා ගැනීම පහසු කරවීම සඳහා ශීර්ෂ පාඨ සමඟ ලේඛන ඉදිරිපත් කළ හැකියි.
(colombotimes.lk)