හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදාව අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පසුගියදා පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී මේ පිළිබඳ කරුණු පැහැදිලි කළා.
ඒ අනුව අද සිට හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් පමණක් කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
ආරක්ෂාව සඳහා යොදවා තිබූ නිලධාරීන් වෙනුවෙන් අධික පිරිවැයක් දැරීමට සිදුවන නිසා රජය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කළද හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට ගැටලුවක් ඇති වීමට ඉඩ නොතබන බවයි.
(colombotimes.lk)