අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අලෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අලෙවිසැල් 03කට මුද්‍රා තබා තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම මත්පැන් අලෙවිසැල්වලට එරෙහිව උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවයි.
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් 03වනදා සිට 17වනදා දක්වා වූ කාලය තුළ සුරාබදු වැරදි සම්බන්ධයෙන් වැටලීම් 1,235ක් කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ පුද්ගලයන් 1,320ක් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවයි.
එහිදී නීති විරෝධී ලෙස නිෂ්පාදනය කළ ස්ප්‍රීතු සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම සහ විකිණීමට සම්බන්ධ වැටලීම් 658ක් සහ නීතිවිරෝධී මත්පැන් ස්කාගාර පවත්වාගෙන යාම සම්බන්ධ වැටලීම් 224ක් සිදු කර තිබෙනවා.
(colombotimes.lk)