19 April 2025


කාන්තාවන් 03ක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට



බැංකොක් සිට මෙරටට පැමිණි කාන්තාවන් තිදෙනෙක් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළ බවයි.

අත්අඩංගුවට ගත් සැකකාරියන් සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 248ක ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සැකකාරියන් 25, 48 සහ 50යන වයස්වල පසුවන මාලිගාවත්ත සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

(colombotimes.lk)