10 April 2025


නිවසක් බිඳ දේපළ සොරකම් කළ කතුන් 3කට වැඩ වරදියි



නිවසක් බිඳ දේපළ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව පොලීසිය විසින් සැකකාරියන් 03දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මාර්තු 24වනදා කාන්තාවන් තිදෙනෙක් විසින් මොරටුව පොලිස් වසමේ පිහිටි අදාළ නිවසට ඇතුළු වී එම නිවසේ තිබූ රුපියල් 639,000ක මුදලක් සොරකම් කළ බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණු බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකාරියන් තිදෙනෙක් ඊයේ (03) දහවල් මොරටුව පොලිස් වසමේ කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකාරියන් වයස අවුරුදු 33 හා 47 යන වයස්වල පසුවන කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)