13 December 2025

logo

අධිවේගයේ ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්



අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා කාඩ්පත් මඟින් ගණුදෙනු කිරීමේ නියමු ව්‍යාපෘතිය මෙම සතිය තුළ ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවලදී මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා debit සහ credit කාඩ්පත් මෙන්ම QR කේත මඟින් ගෙවීම් කටයුතු සිදු කිරීමටද හැකියාව පවතිනවා.

ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන්  කළේ මෙම නියමු ව්‍යාපෘතියෙන් අනතුරුව මැයි මාසයේ සිට මෙරට සියලු අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් කටයුතු සිදු කිරිමට බලාපොරොත්තු වන බවයි.