colombotimes.lk
සිංහල | English

06 May 2024

දුමින්දට එරෙහිව ටිරාන්ගෙන් CID වෙත පැමිණිල්ලක්



මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 

ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්. 
 
එහිදී දුමින්ද නාගමුව මහතා පසුගිය 2023.08.12 වෙනිදා පැවති මාධ්‍ය හමුවකදී ටිරාන් අලස් මහතා ජනතා විමුක්ති පෙරමුණ සමග යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කර ඇති බව පවසා සිටියා. 
 
ඒ අනුව මෙම ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් ඉල්ලා ටිරාන් අලස් මහතා අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
(colombotimes.lk)