colombotimes.lk
සිංහල | English

02 May 2024

38 වෙනි වතාවට සුන්බුන් බලන්න Titan ගේ ගිය Mr. Titanic



Titan යාත්‍රාවේ ගොස් මියගිය පස් දෙනා අතරින් කෙනෙක් වන්නේ Paul Henri Nargeolet. 
 
මියයන විට ඔහු 77 වැනි වියේ පසුවුණා. 
 
ඔහු මීට පෙර 37 වතාවක් Titanic නෞකාව නැරඹීමට ගොස් තිබීම විශේෂත්වයක්.
 
Paul-Henri Nargeolet, Known as
 
Nargeolet දිය යට ගවේෂකයෙක් සහ ගැඹුරු මුහුදේ කිමිදුම්කරුවෙකු ලෙස ඉතා ප්‍රසිද්ධියක් උසුලනවා. 

ඒ, මින් පෙර RMS Titanic සුන්බුන් ගවේෂණයට සහ අධ්‍යයනයට සම්බන්ධ වීම හේතුවෙන්. 
 
ඔහු 1947 පෙබරවාරි 20 වන දින ප්‍රංශයේදී උපත ලබා තිබුණා. 
 
Titan Submersible Passenger Paul-Henri Nargeolet
 
Nargeolet 1970 දශකයේ වාණිජ කිමිදුම්කරුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා. 
 
ඉන් අනතුරුව ඔහු පළපුරුදු කිමිදුම්කරුවෙකු බවට පත්ව තිබෙනවා. 
 
1987 දී Titanic සුන්බුන් සෙවීම සඳහා ගිය ප්‍රංශ ජාතික සාගර විද්‍යාඥ ජීන් ලුවී මයිකල්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමකට සම්බන්ධ වුණා. 
 
What Is Mr. Titanic Paul-Henri Nargeolet
 
Titan සබ්මැරීනය සම්බන්ද වන අවස්ථාවේදී ඔහු RMS Titanic Inc. ආයතනයේ දිය යට සිදුකරන පර්යේෂණ වල අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර තිබෙනවා. 
 
Titanic සුන්බුන් සොයා කිමිදීම සහ ගවේෂණය කිරීම පිළිබඳ ඔහුගේ පුළුල් දැනුම සහ ප්‍රවීණත්වය හේතුවෙන් ඔහු 'Mr. Titanic' ලෙස හඳුන්වා තිබුණා.
 
(Vimarshana Samarakoon @ COLOMBO TIMES) 
 
Titanic wreck diver Paul Henri Nargeolet: