අත්ලාන්තික් සාගරයේ මීටර් 3,800 (අඩි 12,500) පහළින් සුප්‍රකට Titanic නෞකාව මුහුදුබත් ව තිබෙනවා.
ගැඹුරු මුහුදේ සිතියම්කරණය හරහා එහි පළමු සම්පූර්ණ ප්‍රමාණයේ ඩිජිටල් ස්කෑන් නිර්මාණය එළිදැක්වීමට කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ හරහා 1912 දී ගිලී ගිය Titanic නෞකාවට ඇත්තටම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණ සඳහා ඉතා වැදගත් තොරතුරු ලබාගැනීමට මහත් පිටුවහලක් වනු ඇති බවයි එම වාර්තා පවසන්නේ.
(colombotimes.lk)