බෝරා ආගමික ප්‍රජාවගේ සමුළුව හා ප්‍රදර්ශනය හේතුවෙන් අදත් (28) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය හා බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානය ආශ්‍රීතව මෙය ක්‍රියාත්මක කර ඇති බවයි.
ඒ අනුව ලබන මස 05වනදා දක්වා උදෑසන 7.00 සිට රාත්‍රී 10.00 දක්වා මරදාන ඩාර්ලි පාර, ගාමිණි වටරවුමෙන් ඩී. ආර්. විජේවර්ධන මාවතට බහාලුම් රථ, ගල්, වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කර තිබෙනවා.
එමෙන්ම ලබන 05වනදා දක්වා උදෑසන 07.00 සිට පෙරවරු 11.30 දක්වා සහ සවස 03.00 සිට රාත්‍රී 10.00 දක්වා වැල්ලවත්ත දෙස සිට මුහුදුබඩ මාර්ගයේ බම්බලපිටිය හරහා කොල්ලුපිටිය දෙසටත් කොල්ලුපිටිය සිට බම්බලපිටිය හරහා වැල්ලවත්ත දෙසටත් කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ බම්බලපිටිය පොලිස් වසමේ ග්ලේන් ආබර් පෙදෙසට වාහන ගමනාගමනය සීමා කරන බවයි.
අදාළ කාලය තුළ බම්බලපිටිය පොලිස් වසමේ ආදිමලේ පෙදෙසට වාහන ඇතුල් වීම පදිංචිකරුවන්ට පමණක් සීමා කෙරන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)